Ranliya Products

    මා රන්ලිය ආයතනයේ දේශීය විදේශීය කාන්තාවන් සදහා රන්ලිය ස්පයිසස් (Ranliya Spices) 2009 ජුනි 25 වන දින වෙළද සමාගමක් ලෙස ලියාපදිංචි කරන ලදී. මෙම නිෂ්පාදන මාගේ කාන්තාවන් සදහා නිෂ්පාදනය කරන ලදී. නිෂ්පාදන වර්ග 3කි.
  • මස් වර්ග සදහා තුනපහ ද
  • එළවලූ වර්ග සදහා තුනපහ ද
  • වම්බටු මෝජු යන නිෂ්පාදන වර්ග 3කි
    මෙසේ කිරීමට මා සිත් ගත්තේ අද කාන්තාවන් සදහා තිබිය යුතු ප‍්‍රධාන ලක් ෂණයන් වන ඇදුම් මැසීම සහ කෑම සෑදීම යන අංගයන් ගැන අවබෝධය අඩු වීමයි. අද කාන්තාවන්ගෙන් අඩක් පමණ ලේසි පහසුව සදහා එක් එක් නම් වර්ග වලින් ඇති තුනපහ වර්ග පාවිච්චි කරනු ලැබේ. ඒ අනුව 2009 වර්ෂයේ සිට මෙම තුනපහ පිළිබදව මාගේ මැහුම් පාඨමාලාව හැදෑරු සිසුන්ට රසට කෑම සෑදීම සදහා රුකුලක් විය.

මෙම නිෂ්පාදන වර්ග තුනෙහි ඉතිහාසය

    මා හට තේරෙන වයසේ සිට එනම් අවුරුදු 50 කට එපිට සිට මාගේ මව විසින් මෙම නිෂ්පාදන වර්ග 3 නිවසේම පිළියෙළ කරන ලදී. මගේ මුළු ඥාති පරපුරම මවගේ කෑම ඉතා අගය කොට සැලකූහ. එයට එකම හේතුව ඇයගේම වට්ටෝරුවක් යොදා කෑම සෑදීමයි. එතැන් සිට මාද මෙම වට්ටෝරුව යොදා කෑම සෑදීමෙන් කෑම රසවත් වූ බව මටද හැගී ගියහ.මෙම ඉහත වර්ග 3 මාගේ මවගෙන් උරුම වූ දෙයක් බැවින් මා එයට ගරු කරමි.

    ඒ අනුව මාගේ කාන්තා පරපුරට මෙම නිෂ්පාදන බෙදා හැරීමට කටයුතු සිදු කරන ලදී.

    අද ඔස්ට්‍රේලියාවේ පදිංචි මාගේ නැගණිය ද ඇගේ ශ‍්‍රී ලංකික යහළු යෙහෙලියන්ට ද මෙම නිෂ්පාදන 3 නැතිවම බැරි විය. එබැවින් මෙම රන්ලිය නිෂ්පාදන දේශීයව සහ විදේශීව බෙදා හැරීමට බලාපොරොත්තු වෙමි.